විශ්‍රාමිකයින්ගේ පෙත්සම් සලකා බැලීම මාර්තු 17 වනදා

Monday, 25 January 2021 - 14:12

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+17+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
තමන්ට හිමිවිය යුතු විශ්‍රාම වැටුප් වර්ධක අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමිකයින් 95 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන මාර්තු මස 17 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ එම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවු අවස්ථාවේදීයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටියේ පසුගිය 2016 වසරේ සිට 2019 වසරේ අවසානය දක්වා  කාලසීමාව තුළ විශ්‍රාම ලැබූ විශ්‍රාමිකයින්ට හිමිවිය යුතු වැටුප් වර්ධකය රජය විසින් අත්හිටුවීමෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.