ඉන්දීය සහ චීන දේශසීමා සෙබලුන් අතර, සිකීම් ප්‍රදේශයේ ගැටුමක් ඇතිවී තිබෙනවා.
පසුගිය 20 වනදා සිදුවූ එම ගැටුමේදී දෙපාර්ශවයටම සුළු හානි සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
චීන දේශසීමා සෙබලුන් ඉන්දීය භූමියට ඇතුළු වීමට තැත් කිරීමේදී එම ගැටුම ඇති වූ බවත් ඉන්දීය සෙබලුන් එහිදී ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත්, එමගින් වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය ජුනි මාසයේ ලඩාක් දේශසීමා ප්‍රදේශයේදී ඇති වූ මෙවැනි ගැටුමකින් ඉන්දීය හමුදා සෙබලුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කෙසේ නමුත් පසුගිය සතියේ ඇති වූ ගැටුම හමුදා අණදෙන නිලධාරින්ගේ සාකච්ඡාවලින් විසඳා ගත හැකිවූ බවයි ඉන්දීය හමුදාව ප්‍රකාශ කළේ.