ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ අඩුවීමක්

Tuesday, 26 January 2021 - 11:25

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 9102 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා.

එය මාස 07 කින් වාර්තා වූ අවම අගය ලෙසයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ නමුත්, එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි හයලක්ෂ 77,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 53,624ක්.

එමෙන්ම, ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට කෝටි දහය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව විසිඑක් ලක්ෂ 50,000 කට ආසන්නයි.