ඉන්දීය ජනරජ දින සැමරුම් නවදිල්ලි අගනුවර ක්රියාත්මකවද්දී සිය විරෝධතාව සඳහා පැමිණි දහස් සංඛ්‍යාත ගොවීන් දිල්ලි නගර සීමාවේදී පොලීසිය හා ගැටී තිබෙනවා.
මෝදි රජය මගින් සම්මත කර ගත් ගොවි පනත් වලට එරෙහි ට්‍රැක්ටර් රථ පෙළපාලියක් සඳහා පොලීසියේ අවසරය හිමිවුවත්, විරෝධතාකරුවන් නියමිත වේලාවට පෙර පැමිණීම ඊට හේතුවයි.
එහිදී පොලීසිය ගොවි විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබුවා.
72 වන ඉන්දීය ජනරජ දින සැමරුම් නිමා වූ පසු එම පෙළපාලිය පැවැත්වීම සඳහා දිල්ලි පොලීසිය අනුමැතිය ලබාදී තිබුණා.
කෙසේ නමුත්, ඊට පෙර සිය ට්‍රැක්ටර් රථවලට නැගී එහි පැමිණි දහස් සංඛ්‍යාත ඉන්දීය ගොවීන් මාර්ග බාධක බිඳ දමා නගරයට ඇතුළු වීමට උත්සාහ කර තිබෙනවා.
ඉන්දීය ජනරජ දින සැමරුම් නවදිල්ලියේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්.