ලොව පුරා කොරෝනා එන්නත් බෙදා හැරීමේ ක්‍රියාවලිය ඇගයීමකට ලක් කරනතුරු මේ වසර පුරා තම රටේ දේශසීමා වසා තැබීමට සිදුවනු ඇති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් පවසනවා.
මාස දෙකකට පසු නවසීලන්තයේ ප්‍රථම සමාජ ආසාදිත කොරෝනා රෝගියා ඊයේ සොයා ගැණුනු අතර එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2288 ක්.
ඒ ඊයේ හමුවූ නව ආසාදිතයන් 04 දෙනෙකු සමගයි.
එමෙන්ම, නවසීලන්තයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 25ක්.
නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ගෝලීය කොරෝනා එන්නත් බෙදා හැරීම අවිනිශ්චිත වීම හේතුවෙන් මෙලෙස තම රටේ දේශසීමා තවදුරටත් වසා තැබීමට සිදුවනු ඇති බවයි.
කෙසේ නමුත්, ඕස්ට්‍රේලියාව සහ පැසිෆික් දිවයින් සමඟ සංචාරක බුබුළු පවත්වාගෙන යාමට අදහස් කරන බව ඇය අවධාරණය කළා.