හම්බන්තොට ඉන්ධන පිරවුම්හලකින් ඇහෙන අලුත්ම වංචාව

Tuesday, 26 January 2021 - 15:15

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B7%84%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80
වර්තමානයේ රථවාහන භාවිත කරන බොහෝ පිරිසක් කාර්යබහුල වේලාවන්හි දී ඉන්ධන පිරවුම්හල් වෙත ගොස් ඉන්ධන ලබාගැනීම සිදුකරනු ලබනවා.

එහිදී ඇතැම් පිරිස් තමන් ලබාදුන් මුදලට සරිලන ලෙස ඉන්ධන පිරවීම සිදුකරනු ලබන්නේද යන්න පිළිබඳව සැළකිලිමත් වන අතර බොහෝ පිරිසකට තම කාර්යබහුල බව හේතුවෙන් එවැනි අවස්ථාවල ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නේ නෑ.

මෙවන් අවස්ථාවළදී ඉන් අයුතු ප්‍රයෝජන ගෙන පාරිභෝගිකයන් මුලා කරමින් ඉන්ධන සපයනු ලබන අවස්ථා ගැන මීට පෙර අවස්ථා කිහිපයකදීම අප විසින් වාර්තා කරනු ලැබුවා.

තවත් එවැනි අවස්ථාවක් පිළිබඳව අද අප වෙත තොරතුරු වාර්තාවන්නේ හමබන්තොට ප්‍රදේශයෙන්.

එම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක සේවකයන් සිව් දෙනෙකු විසින් මෙම වංචාව සිදුකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එහිදී අනාවරණ වී ඇත්තේ රුපියල් 1500ක මුදලක් ලබාගෙන ඒ වෙනුවට රුපියල් 150ක මුදලක ඉන්ධන ලබා දී පාරිභෝගිකයා රවටා ඇති බවයි.

මේ පිළිබඳව සැක පහල වූ එම පාරිභෝගිකයා විසින් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු දැනුවත් කිරීමත් සමඟ එම අවස්ථාවේ CCTV කැමරා පරීක්ෂා කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ කළමනාකාරීත්වය විසින් අදාළ සේවකයන් තිදෙනා සේවයෙන් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පාරිභෝගිකයන්  වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙවැනි සිදුවීම් එම ප්‍රදේශයේ බොහෝ ඉන්ධන පිරවුම්හල් වල සිදුවන බවයි.

මෙවැනිම සිදුවීමක් මීට පෙර සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහිදී සිදුව ඇත්තේ ලීටර් 10ක ප්‍රමාණයක් වෙනුවට ඉන්ධන ලීටර් නවය හමාරක ප්‍රමාණයක් ලබාදීමයි.

පාරිභෝගිකයන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙවැනි වංචනික සිදුවීම් පිළිබඳව අදාළ බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවයි.