වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත තවත් කොරෝනා ප්‍රභේදයක් මෙරටින් හඳුනාගනී (වීඩියෝ)

Tuesday, 26 January 2021 - 17:39

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


විදෙස් රටවල් කිහිපයකින් මීට පෙර වාර්තා වූ වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත විකෘති වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ විදෙස් රටක සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වූ ආසාදිතයෙකුගෙන් මෙම ප්‍රභේදය හඳුනාගත් බවයි.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොවිඩ් වෛරසයේ විකෘති වූ ප්‍රභේදයක් ප්‍රථමවරට මෙරටින් හඳුනාගත් බවට සෞඛ්‍ය අංශ තහවුරු කළේ පසුගිය 13 වැනිදායි.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එම වෛරසය ආසාදනය වී තිබුණා.

මේ අතර, පළමු කොරෝනා මර්දන එන්නත් තොගය ලබන 28 වැනිදා මෙරටට ගෙන්වීමෙන් පසු එහි දෙවන අදියරද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද දිනයේදී 51,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයින් 709 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව යෑමත් සමඟයි.

එසේම, අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 369 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59,536 ක්.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8203 දෙනෙකු පමණයි.

මේ අතර, පූගොඩ - මණ්ඩාවෙල ප්‍රදේශයේ පිහිටි මුව ආවරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් නව ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ සමඟ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ ගියා.

මාතර - පිටබැද්දර - දෑරංගල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 12 දෙනෙකුට සහ එහි සේවකයකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි තහවුරු වී ඇත්තේ.

බදුල්ල ප්‍රදේශයේ  පාසල් දෙකක දරුවන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වෛරසය ආසාදනය වීමෙන් පසුව සිදුකළ පරීක්ෂණවලදීයි.

එසේම, බ්‍රහස්පතින්දා සිට ලබන ඉරිදා දක්වා කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටවන වාහනවල ගමන් කරන සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.