ඉන්දීය ගොවීන් රතු බලකොටුව ආක්‍රමණය කරයි - දිල්ලියේ ආරක්ෂාව දැඩි වේ

Wednesday, 27 January 2021 - 8:29

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%86%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
72 වන ඉන්දීය ජනරජ දිනය යෙදී තිබූ ඊයේ දිල්ලියේ ඵෙතිහාසික රතු බලකොටුව ආක්‍රමණය කළ එරට ගොවීන්, පොලීසිය හා ගැටුණු අතර, එක් ගොවි විරෝධතාකරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

දහස් සංඛ්‍යාත ගොවීන් පාලනය කිරීමට දැඩි පරිශ්‍රමයක නිරත වූ පොලිසියේ නිලධාරීන් අසූ දෙනෙකුද මෙහිදී තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මෝදි රජය විසින් සම්මත කරගත් ගොවි පනත්වලට එරෙහිව අඛණ්ඩ විරෝධතාවල නිරත වන ගොවි සංවිධානවල ට්‍රැක්ටර් රථ පෙළපාලියට පොලිසිය අවසර ලබාදී තිබුණා. ඒ, ජනරජ දින සැමරුම් අවසන්වීමෙන් පසු නිශ්චිත මාර්ගයක් ඔස්සේයි.

එහෙත් එම සීමාවන් නොසලකමින් ගොවි විරෝධතාකරුවන් මාර්ග බාධක බිඳලා රතු බලකොටුවට ඇතුළු වූ අතර, ඔවුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල වුණා. ඉන් අනතුරුව දිල්ලියේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පියවර ගත්තේ අමතර ආරක්ෂක බල ඇණි අගනුවරට කැඳවමින්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories