‘ට්‍රම්ප් දෝෂාභියෝගයට’ අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ සහය නැහැ

Wednesday, 27 January 2021 - 9:29

%E2%80%98%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7%E2%80%99+%E0%B6%85%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා අනුමැතිය ලබාදීම අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සෙනෙට් මණ්ඩලයේ තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාවක් ඒ සඳහා අවශ්‍ය වන අතර, ඊට රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයින් 17 දෙනෙකුද ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.

එහෙත් ඩිමොක්‍රටික් පක්ෂ සභිකයින් සමඟ හිටපු ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එක් වී ඇත්තේ රිපබ්ලිකන් සභිකයින් පස් දෙනෙකු පමණයි.

පසුගිය ජනවාරි 06 වැනිදා ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධූරය සහතික කරන දිනයේ අමෙරිකානු පාර්ලිමේන්තුව හෙවත් කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීමට ආධාරකරුවන් පෙළඹවීම හිටපු ජනපති ට්‍රම්ප්ට එල්ල වූ දෝෂාභියෝග චෝදනාවයි.

මේ අතර, නව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්තනි බ්ලින්කන් පත් කිරීම සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඊයේ අනුමැතිය පළ කළා.