මංගල උත්සවයක් අතරතුර මනාලියගේ සහෝදරයා හදිස්සියේ ඇඳ වැටී මියයයි

Wednesday, 27 January 2021 - 11:19

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මංගල උත්සවයක් අතරතුර මනාලියගේ සහෝදරයා හදිස්සියේ මිය ගිය පුවතක් පසුගිය 25 වැනිදා පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ කඩවත, මහර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

මොහු අවුරුදු 38ක තිදරු පියෙකු වන අතර නුගේගොඩ සුපිරි වෙළෙඳසළක ගබඩාවක සේවය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

තම නැගණියගේ මංගල උත්සවය සඳහා පිළියන්දල වෑවල ප්‍රදේශයේ උත්සව ශාලාවකට ගොස් ඇති අතර ඔහු එම අවස්ථාවේදී හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටි බව සඳහන්.

උත්සවය අතර තුර හදිස්සියේ ඇද වැටුණු මොහු පිළියන්දල දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර එලෙස රැගෙන යන විටත් ඔහු මිය ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මළසිරුර පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කළ පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඊයේ යොමු කර තිබුණා.

ඊයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඔහු හෘදයාබාධයකින් මෙලෙස මිය ගොස් ඇති බවයි.

මේ පිලිබඳ වැඩි දුර පරීක්ෂණ පිළියන්දල පොලිසිය සිදු කරනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories