කුට්ටිපුලි කල්ලියේ සාමාජිකයන් 5 දෙනෙකු අල්ලයි

Wednesday, 27 January 2021 - 12:47

%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ත්‍රිකුණාමලය - දේවනගර් සහ ආනන්දපුරි ප්‍රදේශවල ක්‍රියාත්මක කුඩා කොටි යන අරුත ඇතුළත් “කුට්ටිපුලි” නම් මැර කණ්ඩායමක සාමාජිකයන් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුවයි.

ඒ අනුව, දේවනගර් ප්‍රදේශයේදී පළමු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවක්, ජංගම දුරකථන 12ක්, සිම්කාඩ් 5 ක්, කැමරාවක්, බලහත්කාරයෙන් ලබා ගත් විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් සමගයි.

කෙසේ වෙතත්, පසුව අත්අඩංගුවට ගත් සැකකරු මුදා ගැනීමට කුට්ටිපුලි කල්ලියේ සෙසු සාමාජිකයන් උත්සාහ කර තිබෙනවා. එහිදී තවත් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දේවනගර් සහ ආනන්දපුරි ප්‍රදේශවලම පදිංචිකරුවන්.

අපරාධ රැසක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බී.එම්.විජයකාන්ත නමැත්තෙකු මෙම කල්ලියේ නායකයා ලෙස කටයුතු කරන බව මේ වනවිට අනාවරණ වී ඇති අතර, ඔහු සී.අයි.ඩී. විජී, නේවි විජී යන නම්වලින් ද හඳුන්වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළා.

එසේම, අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු බාබු හෙවත් පරබාබු යන නමින් ද හැඳින්වෙන බවට හඳුනාගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් උප්පුවේලි පොලීසියට භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories