අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 5 කගේ ඇප අයදුම්පතක් විභාගයට

Wednesday, 27 January 2021 - 13:56

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා එල්ල වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න ඇතුළු නිලධාරින් 5 දෙනෙකු ගොනුකර ඇති ඇප අයදුම්පත් ගැන ලිඛිත විරෝධතා ගොනුකිරීමට නීතිපතිවරයාට ලබන මස 25 වනදා දක්වා කල් ලබාදීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ අදාළ ඇප අයදුම්පත්‍රය අද කැඳවූ අවස්ථාවේදියි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊට අදාළ ඉල්ලීම සිදුකළා.

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ වගකීම පැවරී ඇති නිලධාරින් ජාවාරම්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීම ඉතා බරපතල වරදක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දුන්නා.

සැකකරුවන් සිදුකර ඇති බරපතල වරද අනුව ඔවුන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන බව ද ඔහු කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories