වී.කේ.සසිකලා බන්ධනාගාරයෙන් නිදහස ලබයි

Wednesday, 27 January 2021 - 14:07

%E0%B7%80%E0%B7%93.%E0%B6%9A%E0%B7%9A.%E0%B7%83%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතාගේ සමීපතම සහායිකාවක වන වී.කේ. සසිකලා වසර 4 ක් බන්ධනාගාර ගත වීමෙන් පසු අද නැවතත් නිදහස ලැබුවා.

බන්ධනාගාරයෙන් නිදහස ලැබුව ද, කොරෝනා ආසාදනය වී සිටින ඇය තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනු ඇති.

බෙංගලූරු අධිකරණය, 66 හැවිරිදි වී.කේ. සසිකලාට 2017 වසරේ සිරදඩුවම් නියම වූයේ ඉන්දීය රුපියල් කෝටි 66 ක වත්කම් අවභාවිත කිරීමේ චෝදනා මතයි.

ජයලලිතාගේ අභාවයෙන් පසු තමිල්නාඩු ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ බලය ලබා ගැනීමේ උත්සාහයක නිරත වූ ඇය, පසුව පක්ෂයෙන් නෙරපා හරිනු ලැබුවා.

ඇය දැන් බන්ධනාගාරයෙන් නිදහස ලබා ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ආසන්නයේදී වීම විශේෂත්වයක්.