බලංගොඩ නන්පේරියල් - විවේකානන්දා විද්‍යාලයේ දරුවන් ගැටළු රැසක (වීඩියෝ)

Wednesday, 27 January 2021 - 14:10

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


දුෂ්කරගමනක නියැලෙමින් අකුරු කරන්නට වෙහෙසෙන තවත් දරු පිරිසක් පිළිබඳව අපට බලංගොඩ ප්‍රදේශයේන් වාර්තා වුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ, බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර ප්‍රදේශයක පිහිටි නන්පේරියල් විවේගානන්දා විද්‍යාලයයි මේ.

බලංගොඩ නගරයේ සිට කිලෝමීටර 25 ක පමණ දුරින් පිහිටි නන්පේරියල් වතුයාය සහිත කඳුවැටියේ මෙම පාසල පිහිටා තිබෙනවා.

ලෝකාන්තය නැරඹීම සඳහා යාමට බලංගොඩ සිට නන්පෙරියල් වතුයාය හරහා දිවෙන කෙටි මාර්ගයද පිහිටා ඇති මෙම ප්‍රදේශය සුන්දර පරිසරියකින් සමන්විතයි.

නමුත් ලෝකාන්තයේ සිට පහළ බලන අයෙකුට පෙනෙන මීදුම් වලාවට සැඟවුණු ඒ සොඳුරු ලොව තුළ අඳුරෙන් වැසුණු ලෝකයක් ද ඇති බව දුෂ්කර ගම්මානයේ සිට පාසල් යන දරුවන් අපට හෙළි කළා.

නන්පේරියල් විවේගානන්දා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට නවය ශ්‍රේණිය දක්වා සිසුන් 100කට පමණ ඉගැන්වීම් කටයුතු සිදුකෙරුනද ප්‍රමාණවත් ගුරුවරුන් සහ යටිතල පහසුකම් නොමැතිකමින් පාසලේ දරුවන් අද වන විට ගැටළු රැසකට මුහුණ පා සිටිනවා.

විධිමත් ජනාවාසයක් හෝ නොමැති දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති මෙම පාසල ස්ථාපනය කෙරෙන්නේ ප්‍රාදේශීය විෂමතා හා දිළිඳුකම අවම කිරීමේ වැඩසටහන යටතේයි.

ආසන්නතම ස්ථානයේ සිට පාසලට පැමිණෙන දූදරුවන් පවා අවම වශයෙන් කිලෝමීටර 06 ක පමණ දුෂ්කර ගමනක් පැමිණිය යුතු අතර බලංගොඩ නගරයේ සිට පැමිණෙන ඇතැම් දරුවන් දිනපතා පා ගමනින් පාසලට පැමිණෙන විට බොහෝවිට පාසලේ කටයුතු ආරම්භ වී අවසන්.

මේ නිසා ඇතැම් දරුවන් නේවාසිකාගාර වෙතද යොමුවී සිටිනවා.

කුමන බාධක පැමිණියත් තම දරුවන්ට නිසි ලෙස අධ්‍යාපනයක් ලබා දීමට මෙම මව්පියන් නිරන්තර උත්සාහයක් නිරතවනවා.

තම අනාගත සිහින පොදි බැදගනිමින් අධ්‍යාපන කටයුතුවල නිරතවන මෙම දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම අනාගතය අඳුරුවන්නට ඉඩ නොදී මෙම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories