ඇමති සී.බී රත්නායක ස්වයං නිරෝධායනයට යොමුවෙයි

Wednesday, 27 January 2021 - 15:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%93.%E0%B6%B6%E0%B7%93+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

ඒ ඔහු කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන්.

පසුගිය 24 වනදා වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකට අමාත්‍ය සී.බී රත්නායක සහ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පැමිණ සිටියා.

මීට පෙර තලවකැලේ ළිඳුල නගර සභාවේ පැවති උත්සවයකදී කොවිඩ් ආසාදිත ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ද අමාත්‍ය සී බී රත්නායක ස්වයං නිරෝධායනයට යොමුව සිටියා.

කෙසේවෙතත් එහිදී සිදු කළ PCR පරීක්ෂණ වාර්තාවලින් අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories