ඇමති සී.බී. රත්නායක කොරෝනා එන්නත ලබාගනී

Wednesday, 10 February 2021 - 17:39

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා.

ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ අද යුද හමුදා රෝහලේදී අමාත්‍යවරයා එන්නත ලබාගත් බවයි.

කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනෙකුගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතවෙන් අවස්ථා දෙකකදී ඔහු ස්වයං නිරෝධායනයට ද යොමුවුනා.

කෙසේවෙතත් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව අමාත්‍ය සී.බී. රත්නායක මහතාට කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බවට තහවුරු වුනා.