පඬු කරඳ ශාකය ගැන අවසන් තීරණයක් එනතුරු ගලවන්නේ නැහැ - ඇමති අමරවීර

Friday, 12 February 2021 - 7:33

%E0%B6%B4%E0%B6%AC%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B3+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B6%BD%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB
කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ශාකය සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙනතුරු කිසිදු පියවරක් නොගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ ඊයේ පරිසර සංවිධාන නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් අතර කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂුන් වහන්සේ පිරිසක් මෙම ශාකයට සිවුරු පොරවා සඟසතු කිරීමට පසුගියදා කටයුතු කළා.

එසේම, සඟසතු කෙරුණු ගම්පහ දාරළුවේ කෲඩියා සෙලනිකා ශාකය භික්ෂුන් වහන්සේගේ මැදිහත්වීමෙන් තුන්රුවන වෙත භාර කිරීම ඊයේ සිදු කෙරුණා.

මේ අතර, කෘාඩියා සෙලනිකා ශාක පිහිටි ප්‍රදේශ පිළිබද තොරතුරු දන්නේ නම් දැනුම් දෙන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව, යම් ප්‍රදේශයක කෲඩියා සෙලනිකා ශාකයක් හෝ කිහිපයක් ඇත්නම් ඒ පිලිබඳ 011 367 14 90 දුරකථන අංකයට දැනුම් දීමෙන් එම ශාකය සංරක්ෂණයට දායක වන ලෙසයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර ඉල්ලා සිටින්නේ.

මෙවැනි ශාක කිහිපයක් ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගෙන ඇති බවත්, කිසියම් ප්‍රදේශයක මෙම ශාකයක් හෝ ශාක කිහිපයක් ඇත්නම් වහා දැනුම් දීමෙන් එම ශාකය සංරක්ෂණය කිරීමට දායක වන ලෙසත්, වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා.