එච්.ෆයිව් - එන් එයිට් වර්ගයේ කුරුළු උණ වෛරස් ප්‍රභේදය කුකුළු ගොවිපොලකින් මිනිසුන්ට ආසාදනය වීමේ පුවතක් රුසියාවෙන් වාර්තා වනවා.
එරට පාරිභෝගික සෞඛ්‍ය නියාමන අධිකාරියේ ප්‍රකාශිකාවක සඳහන් කළේ පසුගිය දෙසැම්බරයේ සිට එරටින් කුරුළු උණ රෝගය වාර්තා වී ඇති අතර, මේ වනවිට ආසාදිත පුද්ගලයන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
කුරුළු උණ වෛරස් ප්‍රභේද මීට පෙර මිනිසුන්ට ආසාදනය වීමේ සිද්ධීන් වාර්තා වුව ද, එච්.ෆයිව් - එන් එයිට් වර්ගයේ ප්‍රභේදය මිනිසුන්ට ආසාදනය වූ බවට වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට පියවර ගෙන ඇති අතර, පරීක්ෂාවන් ද ඉහළ නංවා ඇති බව රුසියානු බලධාරින් අවධාරණය කළා.