මියන්මාර මිලිටරි ජුන්ටාවෙන් විරෝධතාකරුවන්ට මරණ තර්ජන

Monday, 22 February 2021 - 7:58

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B7%92+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ රජයේ නායකයින් සිර අඩස්සියට ගෙන පසුගිය 01 වැනිදා එරට බලය පැහැරගත් හමුදා නායකත්වයට එරෙහි විරෝධතා රැල්ල දැන් උත්සන්න වී තිබෙනවා.

හමුදා වෙඩි පහරින් මියගිය 20 හැවිරිදි යොවුන් විරෝධතාකාරිනියගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන්.

මේ වනවිට විරෝධතාකරුවන් 03 දෙනෙකු හමුදා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හමුදා රජයට එරෙහිව රට පුරා වර්ජන රැල්ලක් ද ප්‍රකාශයට පත්කර ඇති අතර, ඊට මිලිටරි ජුන්ටාවෙන් එල්ල වන්නේ දැඩි ප්‍රතිරෝධයක්.

මියන්මාර රාජ්‍ය රූපවාහිණිය මිලිටරි ජුන්ටාව වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ඊයේ සඳහන් කළේ විරෝධතාවල නිරත වන්නන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය මේ වනවිට අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල් විසින් හෙලා දැක ඇති අතර, හමුදා නායකයින්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට ජගත් මහ ලේකම්වරයා අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබෙනවා.