ඇමෙරිකාව අඳුරු කඩඉමක

Monday, 22 February 2021 - 9:18

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%A9%E0%B6%89%E0%B6%B8%E0%B6%9A
1918 වසරේ ගෝලීය ඉන්ෆ්ලුවෙන්සා වසංගතයෙන් පසු අමෙරිකාව ඉතිහාසයේ අඳුරුතම කඩඉමට පැමිණ සිටින බව එරට වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය ඇන්තනී ෆවුචී පවසනවා.

ජනාධිපති ජෝ බයිඩ්න්ගේ කොරෝනා මර්දන උපදේශකයා ද වන ඔහු සඳහන් කළේ බැලූ බැල්මට කම්පනය ඇති කරන, අදහාගත නොහැකි වූවත්, අමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ සංඛ්‍යාව පන්ලක්ෂය අභියසට පැමිණීම සත්‍යයක් බවයි.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාල දර්ශකය සහ රොයිටර් සංඛ්‍යාලේඛණවලට අනුව අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට පන්ලක්ෂයකට සමීප වී ඇති අතර, වර්ල්ඩ් මීටර් දත්තවලට අනුව එය පන්ලක්ෂය අභිබවා ගොසින්.

2020 වසරේ පෙබරවාරි මාසයේ අමෙරිකාවේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වූ අතර, මාස 03 ක් තුළ එය ලක්ෂය දක්වා ඉහළ ගියා.

එහෙත් අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව හාරලක්ෂයේ සිට පන්ලක්ෂය දක්වා ඉහළ යෑමට ගත වී ඇත්තේ මාසයක කාලයක් පමණයි.

කෙසේ නමුත්, අමෙරිකාවේ කොරෝනා එන්නත්කරණය බයිඩ්න් පරිපාලනය යටතේ වේගවත් කර ඇති අතර, දිනකට මිලියනයක් බැගින් සිය පාලන සමයේ පළමු දින සියය තුළ මිලියන සියයක් අමෙරිකානුවන් කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීමට නව ජනපතිවරයා කටයුතු යොදා තිබෙනවා.