ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි (වීඩියෝ)

Tuesday, 23 February 2021 - 13:17

%E0%B6%87%E0%B7%85+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බොරලුගොඩ කර්මාන්තපුරයෙන් නිකුත් කෙරෙන අපජලය හොරණ කොස්ගහගොඩැල්ලේ පිහිටි මිදිගහ ඇළට මුදාහැරීම හේතුවෙන් මිරිදිය මසුන් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.

එම ගැටලුව පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළා.

හොරණ - කොස්ගහගොඩැල්ල ප්‍රදේශයේ පිහිටි මිදිගහ ඇළ ඒ අසල ගම්මාන රැසක ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලූ ජල මූලාශ්‍රයක්.

ප්‍රදේශයේ කෙත්වතු සාරවත් කිරීමට අවැසි ජලය සපයමින් ගලාගිය මිදිගහ ඇළ අවසන් වන්නේ කලුගඟෙන්.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක බොරලුගොඩ කර්මාන්ත පුරයෙන් ඉවත් කරන අපවිත්‍ර ජලය මෙම ඇළ මාර්ගයට මුදාහැරීම
හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්ව තිබෙනවා.

ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියගොස් තිබෙනවා.

මෙම ගැටලුව පිළිබඳව සොයාබැලීමට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මිදිගහ කොස්ගහගොඩැල්ල ගම්මානයේ සංචාරයක නිරත වුණා.

සිදුව ඇති විනාශය දැකීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ සිටි ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට  දෝෂාරෝපණය කළා.