පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පස්වරු 4 ට පමණ පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බවයි.
එහිදී අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පිළිගනු ලැබුවා.
අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා වෙත මෙරට යුද හමුදාවේ උත්තමාචාරයක් පිළිගැන්වීම සිදුකෙරුනා.
අද පස්වරුවේ ද්විපාර්ශවික සාකච්ඡා සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අරලියගහ මන්දිරයට පැමිණීමට නියමිතයි.
එහිදී දෙරටේ අගමැතිවරුන් විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් ද නිකුත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.