වාහන ආනයනය යළි ආරම්භ කිරීම ගැන රජයෙන් ඉඟියක් (වීඩියෝ)

Tuesday, 23 February 2021 - 16:48

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වාහන ආනයනය යළි ආරම්භ කිරීම පිළිබඳව මෙම වසර අවසානයේ සලකා බැලීමක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රජය විසින් වාහන ආනයනය නවතා ඇත්තේ තාවකාලික පියවරක් ලෙස බවයි එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ.

වාහන ආනයනය මගින් විදේශ විනිමය අනුපාත ස්ථාවරභාවයට වැඩි බලපෑමක් එල්ලවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එසේම වාහන ආනයනකරුවන්ට සහනයක් ලබාදීම සඳහා අපනයන පාලකවරයා විසින් අවස්ථා කිහිපයකදී වරායන් වෙත පැමිණි වාහන නිදහස් කිරීමට උපදෙස් ලබාදුන් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

එසේම මෙසේ රථවාහන ඇතුළු තාවකාලිකව පනවා ඇති අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව ඉදිරියේදී විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත තීරණය කෙරෙන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර මහබැංකුව විසින් රුපියල් බිලියන 48 ක අතිරික්ත මුදල් මුද්‍රණය කළ බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මූල්‍යමය ද්‍රවශීලතාව පවත්වා ගැනීම සඳහා එම පියවර ගනු ලැබූ බවයි.

වර්තමානය වාතාවරණය හමුවේ එවැනි පියවරක් නොගතහොත් ආර්ථිකය සංකෝචනය වීම වැළැක්විය නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළා.

වාහන ආනයනය පිළිබඳව ඇතුළු මුදල් මුද්‍රණය කිරීම පිළිබඳව අමාත්‍යවරයා අදහස් පලකළ එම වැඩසටහන පහතින්.