කොරෝනා වෛරසයට ගොදුරු වී පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අද යළිත් සිය අමාත්‍යාංශයේ රාජකාරි සඳහා පැමිණ තිබෙනවා.
එහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ නිලධාරින් අතර කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.
මෙහිදී පසුගිය කාලය තුළ ක්‍රියාත්මක එන්නත්කරණය සහ පී.සී.ආර් කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍යවරියගේ අවධානය යොමුවූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.