අගමැති මහින්ද සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අතර ද්විපාර්ශ්වික සාකච්ජා ඇරඹෙයි (වීඩියෝ)

Tuesday, 23 February 2021 - 18:40

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ජා අරලියගහ මන්දිරයේදී ආරම්භ වී තිබෙනවා.

එම සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා - පාකිස්ථාන රජයන් අතර, ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිත අතර දෙරටේ අග්‍රාමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ද සිදුවනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ පස්වරු 4 ට පමණ පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණි බවයි.

දිවයිනට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පිළිගත් අතර, ගුවන්තොටුපලේදී හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද සිදුකෙරුණා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර, හමුව හෙට පෙරවරු 10.30 ට  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එසේම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡාව හෙට පෙරවරු 9.30ට විදේශ අමාත්‍යාංශයේදී සිදුකිරීමට නියමිත අතර, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හෙට පෙරවරු 11.30 ට කොළඹදී වෙළඳ හා ආයෝජන සමුළුවකට ද එක්වනු ඇති.

මීට අමතරව පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට පස්වරුවේ කතානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිලිගන්වන භෝජන සංග්‍රහයට සහභාගි වීමට ද නියමිතයි.

හෙට පස්වරුවේ නාවල - කිරිමණ්ඩල මාවතේ ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා මධ්‍යස්ථානයක් පිළිබඳ වූ සාකච්ඡාවක් ද කොළඹදී පැවැත්වෙනවා.

පසුව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට පස්වරු 3 ට කටුනායක ගුවන්තොටුපලෙන් යළි ශ්‍රී ලංකාවෙන් පිටව යනු ඇති.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ව්‍යාපාර සහ ආයෝජන සංසදයක් මෙන්ම, ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිහිපයක් ද සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදඟන් කළා.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය උපදේශකවරයා මෙන්ම, විදේශ කටයුතු ලේකම්වරයා ඇතුළු පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ශ්‍රී ලංකා සංචාරයට එක්වනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා 2021 වසරේ දිවයිනට පැමිණි ප්‍රථම රාජ්‍ය නායකයා වන අතර මේ වසරේ ඔහුගේ ප්‍රථම නිල සංචාරය ද මෙයයි.