රිමාන්ඩ් භාරයේ සිටින නාකොටික් නිලධාරියෙකුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

Tuesday, 23 February 2021 - 19:52

%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය යළි ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියට අදාළ නඩුවේ 16 වන සැකකරු අද අධිකරණයට පැය 2ක රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

එමෙන්ම, සිද්ධියේ 17 වන සැකකරු ද හෙට දිනයේදී අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට නියමිතයි.

මේ අතර, අදාළ නඩුවේ සැකකරුවන් 17 දෙනා ලබන මස 9 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනෙකු ඊට ඇතුළත්.