මුදල් වංචා කිරීමේ ජාවාරමත නිරත විදේශිකයන් ඇතුලු 8 ක් හෙරොයින් සමග අත්අඩංගුවට

Tuesday, 23 February 2021 - 20:00

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සංවිධානාත්මකව මුදල් වංචා කිරීමේ ජාවාරමත නිරත විදෙස් ජාතිකයන් 6 දෙනෙකු ඇතුලු පුද්ගලයන් 8 දෙනෙකු කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විදේශයක සිට රේගුව වෙත පැමිණි පාර්සලයක් නිදහස් කරවා දෙන බව පවසමින් වංචනික ලෙස පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 17 හමාරක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයකදීයි.

එහිදී බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙරට ගිණුම් හිමි ශ්‍රී ලාංකිකයෙකු පළමුව අත්අඩංගුවට ගත් බවයි කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කලේ.

ඔහුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ගල්කිස්ස ප්‍රදේශයේ රැදී සිටි විදෙස් ජාතිකයන් 6 දෙනෙකු සහ තවත් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයන් අතර නයිජීරියානු ජාතිකයන් සිව් දෙනෙකු සහ රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු ද වනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25ක්ද සොයා ගත් බවයි කැළණිය අපරාධ විමර්ශන කොට්ඨාශය ප්‍රකාශ කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.