බ්‍රසීලය, ඉන්දියාවෙන් කොරෝනා එන්නත් මිලියන 20 ක් මිලදී ගැනීමට සැරසේ

Friday, 26 February 2021 - 15:18

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+20+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ඉන්දියාවේ නිෂ්පාදිත භාරත් බයෝටෙක් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 20 ක් මිලදී ගැනීම සඳහා බ්‍රසීලය ගිවිසුමකට එළඹ තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ 90,000 ක් වැය කරන අතර, පළමු එන්නත් මාත්‍රා මිලියන 8 ලබන මාසයේ බ්‍රසීලයට රැගෙන ඒමට නියමිත බවයි.

ලොව දෙවනුව වැඩිම කොරෝනා මරණ වාර්තා වන බ්‍රසීලයේ කොරෝනා ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට දෙලක්ෂ 51,000 ඉක්මවා තිබෙනවා.

එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට එක්කෝටි තුන්ලක්ෂ 94,000 කට ආසන්නයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories