අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන් දෙනෙකු කොටහේනේදී අත්අඩංගුවට (වීඩියෝ)

Saturday, 27 February 2021 - 9:15

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරුවන් අයිස් ග්‍රෑම් 43 යි මිලිග්‍රෑම් 190 ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දැනට බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සෙල්වි පාර්ශවයේ පලනි රිමෝෂන් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයින් බවට අනාවරණ වී ඇත්තේ.


මේ අතර, ඉකුත් 10 වැනිදා ත්‍රිකුණාමලය - එන්සි පාර ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට
ගෙන තිබෙනවා.

රන් භාණ්ඩ අලෙවි සැලට ආසන්න මුහුදු තීරයෙන් බෝට්ටුවක් ආධාරයෙන් පැමිණි කොල්ලකරුවන් කොල්ල කෑම සිදුකර එම බෝට්ටුවෙන්ම මඩකලපුව
දෙසට පලා ගොස් තිබුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවියක්, ජීව උණ්ඩ,අත්බෝම්බයක් සහ කඩුවක් සොයා ගත් බව පොලිසිය පැවසුවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පවත්වමින් පාතාල ක්‍රියාකාරකම්වල නිරත වූ ‘‘අයිස් මංජු“ නම්
පුද්ගලයාගේ සහෝදරයා විසින් මෙම කොල්ලකෑම මෙහෙයවා ඇති බවයි.