ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

Wednesday, 03 March 2021 - 8:30

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A
ඇමරිකාව සහ යුරෝපා සංගමය රුසියාවට සම්බාධක පනවා තිබෙනවා.

ඒ, රුසියානු විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයෙකු  ලෙස කටයුතු කරන ඇලෙක්සි නවානි අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීම සහ ඔහුට වස ලබා දීමේ සිද්ධිය මුල් කර ගනිමින්.

ඒ අනුව රුසියාවේ උසස් නිලධාරීන් 7 දෙනෙකුට සහ තවත් ආයතන 14කට මෙලෙස සම්බාධක පනවා තිබෙනවා. විදෙස් විචාරකයින් සදහන් කළේ ජෝ බයිඩ්න්ගේ දිවුරුම් දීමත් සමග ක්‍රෙම්ලිනයට එල්ල කළ පළමු ප්‍රහාරය මෙය බවයි.