බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ප්රහාරයකයා වන පොලාඩ් විසින් එක් පන්දුවාරයක් තුළදී හයේ පහර හයක් එල්ලකිරීමට සමත් වූවා.
ඒ දැන් පැවැත්වෙන ශ්රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස තරඟයේදීයි.
ශ්රී ලංකා දඟපන්දු යවන ක්රීඩක අකිල ධනංජයගේ පන්දුවාරයකදීයි ඔහු මෙම හයේ පහර 6 එල්ලකරනු ලබන්නේ.
එහි ඇති විශේෂත්වය වන්නේ අකිල ධනංජය විසින් ඊට පෙර පන්දු වාරයේදී කඩුලු ත්රිත්වයක් ලබාගැනීමයි.
කෙසේ වෙතත් වනිදු හසරංග තමන්ගේ මීළඟ පන්දු වාරයේදී පොලාඩ් නැවත ක්රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වනවා.
මේ වනවිට කඩුලු 5ක් දැවී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 101ක් ලබාගනිමින් ක්රීඩා කරනවා.
ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 131ක් රැස්කරගත්තා.