වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ හිස සොයා කැළණි ගඟ දෙපස මෙහෙයුමක් (වීඩියෝ)

Thursday, 04 March 2021 - 19:53

%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%91%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%83+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ වේල්ල විථිය ප්‍රදේශයේ ගමන් බෑගයකින් හමුවූ ඝාතනය කරන ලද තරුණියගේ හිස කොටස සොයා පොලිසිය කැළණි ගඟ දෙපස විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කලේ පොලිස් නාවික කොට්ඨාශයේ නිලධාරින් විසින් මෝදර සිට හංවැල්ල දක්වා කැළණි ගඟේ ඉවුරු වල මෙම සෝදිසි කිරීම ආරම්භ කර ඇති බවයි.

 මේ අතර,තරුණිය ඝාතනය කරන ලද උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට යලිත් බුත්තල සිය නිවසට ගමන් කල බස්රථය පොලිසිය විසින් අද හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව, අදාල බස්රථයේ රියදුරුට සහ රිය සහයකයාට වේල්ලවිදිය පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසටයි දැනුම් දි ඇත්තේ.

සියදිවි හානි කර ගත් උප පොලිස් පරික්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකෙරෙන අතර, තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු තවදුරටත් කල් දමා ඇත්තේ ඇයගේ හිස සොයා ගෙන නොමැති වීම හේතුවෙන්.