කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩදෙන්න - මුසලි ප්‍රාදේශීය සභාව සූදානමින් (වීඩියෝ)

Friday, 05 March 2021 - 12:56

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B7%98%E0%B6%AD%E0%B6%AF%E0%B7%9A%E0%B7%84+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොරෝනා මෘත දේහ භූමදානය කිරිම සඳහා හට ගෙන ඇති අර්බුදයට හොඳම විසඳුම වන්නේ මන්නාරම - මුසලි ප්‍රදේශයේ එම මෘතදේහ මිහිදන් කිරීම බව මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිහාන් පවසනවා.

මේ වනවිට සෞඛ්‍ය බලධාරින් විසින් කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ ඉරණතිව් දූපතයි.

කෙසේ වෙතත්, දූපත්වාසීන් එම තීරණයට විරෝධය පළ කරමින් පසුගිය දින දෙක තුලම විරෝධතාවල නිරත වුණා.

එවැනි පසුබිමක් තුල මුස්ලිම් ප්‍රජාව වැඩි වශයෙන් වාසය කරන මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා මෘතදේහ භූමදානය කිරිමට හැකියාව පවතින බව එහි සභාපති ඒ.ජී.එච්.සුබිකන් ප්‍රකාශ කළා.

මේ අතර, බදුල්ල පළාත්බද මහ රෝහලේ පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකයෙන් කොරෝනා ආසාදිතයන් 31 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් එක් අයෙකු වෛද්‍යවරයෙකු වන අතර, 20 දෙනෙකු පිළිකා රෝගීන් බවයි එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රෝගීන් රැකබලාගැනීම සඳහා පැමිණි අටදෙනෙකුද ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.

පසුගිය 2 වනදා බදුල්ල පළාත්බද මහ රෝහලේ මෙම පිළිකා රෝගී ප්‍රතිකාර ඒකකයේ සේවය කළ හෙද නිලධාරිනියක් සහ ඇගේ මව කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී මෙම නව ආසාදිතයන් වාර්තාවී ඇති බව සඳහන්.

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 384 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 78 ක්.

ඊට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 64 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 4 වනදායින් පසු ආරම්භ වූ කොරෝනා දෙවන රැල්ලට අදාළව මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 30,038 ක් වාර්තා වි තිබෙනවා.

එම කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 16,745 ක්.

කොරෝනා දෙවන රැල්ලට අදාලව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6,240 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 5,089 ක් හඳුනාගෙන තිබෙනවා.

මේ වනවිට කොරෝනා දෙවන රැල්ලේ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,588 ක්.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84,610 ක් වන අතර, ඉන් 80,836 ක් පූර්ණ සුවය ලබා ඇති බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මේ අතර මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නත කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අදාළ එන්නත නිපදවන රුසියාවේ ගැමීලියා ආයතනය සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට  කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නතක් වන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළ ජනතාවට ලබාදීම සිදු කෙරෙන අතර, මේ දක්වා ලක්ෂ 6 කට වැඩි පිරිසකට එම එන්නත ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.