ඇමරිකාවේ වානරයන්ටත් කොරෝනා එන්නත්

Friday, 05 March 2021 - 14:39

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A
මේ වනවිට සිය ජනගහණයෙන් මිලියන 80 කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් ලබාදී ඇති ඇමරිකා එක්සත් ජනපදය ලොව ප්‍රථම වරට වානරයන්ටද එම එන්නත් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලොස් ඇන්ජලිස් හි සැන් - දියේගෝ සත්වෝද්‍යානයේ වානරයන් 9 දෙනෙකුට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබාදී තිබෙනවා.

ඊට ඔරංඔටං සත්වයන් හතරදෙනෙකු සහ බොනොබෝ ගෝරිල්ලන් පස්දෙනෙකු එලෙස එන්නත් ලැබූ වානරයන්ට ඇතුළත්.

ඒ අතර 1994 වසරේදී ලොව ප්‍රථම විවෘත හදවත් සැත්කමට භාජනය කෙරුණු කාරෙන් නැමති සුමාත්‍රා ඔරංඔටං ගැහැණු සත්වයාද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.