සිය දියණිය අමානුෂික ලෙස ඝාතනය කළ පියා අත්අඩංගුවට

Friday, 05 March 2021 - 15:48

%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකාවේ තරුණියකගේ හිස කඳින් වෙන් කර ඝාතනය කළ පුවතක් වාර්තා වී එහි උණුසුම යන්නටත් මත්තෙන් අසල්වාසී ඉන්දීයාවෙන් ද ඒ හා සමාන වූ අමානුෂික සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හී හර්දෝයි දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු පෙරේදා (03) දිනයේ උදෑසන කාලයේ දී ඝාතනය කළ යුවතියකගේ හිසක් අතැතිව පොලිසියට පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා හර්දෝයී පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිට තිබෙන අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණේ ඔහු විසින් සිය 17 හැවිරිදි දියණියව ඝාතනය කර හිස සුන් කළ බවයි.

සිය දියණිය පුද්ගලයෙකු සමඟ ඇතිකරගත් සම්බන්ධයක් මුලික කරගෙන ඇති වූ ආරවුලක් මත පියා විසින් මෙලෙස සිය දියණියගේ හිස කඳින් වෙන් කර ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලීසිය කරන ලද ප්‍රශ්න කිරිම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා විසින් තියුණු ආයුධයකින් සිය දියණිය ඝාතනය කළ බවත් සිරුර සිය නිවසේ දියණියගේ කාමරය තුළ තිබෙන බවයි.

පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන අතර නිවස පරික්ෂා කිරීමේදී මිය ගිය දියණියගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories