පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වැටලීමකදී කසල තේ කිලෝ 24600ක් සොයාගෙන තිබෙනවා.
ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි උස්වැටකෙයියාව සහ ඒකල ප්රදේශවලදී අද පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී ඒකල කොටුගොඩ ප්රදේශයේ ගබඩාවක තිබූ කසල තේ කිලෝ 3900ක් සහ උස්වැටකෙයියාව අලුත්අක්කරේ ප්රදේශයේ ගබඩාවක තිබූ කසල තේ කිලෝ 20700ක් සොයාගෙන තිබෙනවා.
මෙම කසල තේ අපනයනය සඳහා සූදානම් කරමින් තිබූ ඒවා බවටයි හෙළිවී ඇත්තේ.
මෙම ගබඩාවල හිමිකරු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.