සහල් මිල පාලනය කළ හැකි ද ?

Friday, 05 March 2021 - 18:49

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%AF+%3F
වෙළඳපොලේ නැවතත්, සහල් මිල ඉහළ ගොස් ඇති බවට වාර්තා වනවා.

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ රජය විසින් ඉහළ මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම ඊට එක් හේතුවක් වී ඇති බවයි.

එමෙන්ම, සම්බා සහල් නිෂ්පාදනය අඩු වීම ද ඊට හේතුවක් වී තිබෙනවා.

ඊට විසඳුමක් ලෙස සුළු කාලසීමාවකට සහල් ආනයනය කර වෙළඳපොල නිකුත් කර සහල් මිල අඩු කිරීමට රජය පියවර ගත යුතු බවයි සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාත්න කියා සිටියේ සහල් ආනයනය කිරීම, සහල් මිල පාලනය කිරීමට විසඳුමක් නොවන බවයි.

මේ අතර, වැඩි විලට සහල් අලෙවි කළ දහසකට පමණ මේ වනවිටත් නඩු පවරා ඇති අතර, අදාළ වැටලීම් තවදුරටත් සිදුකරන බවයි පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, නියමිත මිල ඉක්මවා දිවයින පුරා වෙළඳසැල් රැසක තවදුරටත් සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories