ජාත්‍යන්තර සහයෝගිතා තුලින් අභියෝගවලට සාර්ථකව මුහුණදිය හැකි බව ජනපති කියයි (වීඩියෝ)

Friday, 05 March 2021 - 18:53

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අව්‍යාජ ජාත්‍යන්තර සහයෝගිතා තුළින් දේශසීමාවෙන් ඔබ්බට පැතිරෙන අභියෝගවලට සාර්ථකව මුහුණදිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

අද පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ජාතිය වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවය අගයමින් ගුවන් හමුදාවේ බලඝණ දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වර්ණ ප්‍රදානය කළා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලඝණය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලඝණයට මෙලෙස ජනාධිපතිවරයා විසින් වර්ණ ප්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

වර්ණ ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කටුනායක මූලික ගුවන් හමුදා කඳවුර ද නිරීක්ෂණයට ලක් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories