ජා ඇළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙන ජනතාවට නිලධාරීන්ගෙන් අකාරුණික සැළකිලි (වීඩියෝ)

Friday, 05 March 2021 - 20:40

%E0%B6%A2%E0%B7%8F+%E0%B6%87%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජා ඇළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙන ජනතාවට එහි නිලධාරීන් අකාරුණික අයුරින් සලකන බව ජනතාව පවසනවා.

අද සී.අයි.ඒ.අනාවරණය ඒ පිළිබඳවයි

සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ගැටලු සදහා බොහෝ පිරිසක් ජා ඇළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙනවා.

එහෙත්, එහි නිලධාරීන් ජනතාව සම්බන්ධව කිසිදු තැකීමක් නොකොට ඔවුන්ව දිගින් දිගටම අපහසුතාවට පත්කරන බවට හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වුණා.

මේ අද දිනයේ එම කාර්යාලය වෙත සේවා ලබාගැනීම සදහා පැමිණ සිටි ජනතාවගෙන් කොටසක්.

සේවා ලබාගැනීම සඳහා අළුයම සිට රැඳීසිටියද ඔවුන්ට ආපසු හැරී යන ලෙස කම්කරු කාර්යාලයේ සේවකයන් දැනුම් දී තිබුනා.

පෝලිම්වල දිගුවේලාවක් රැදී සිටි ජනතාවට කාර්යාල සේවිකාවක් පෙරවරු 10.30 ට පමණ පැමිණ ප්‍රකාශ කලේ සේවා ලබාදීමට අදට අංක ලබා දී අවසන් බවයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories