වැල්ලවත්ත රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට (වීඩියෝ)

Saturday, 06 March 2021 - 7:34

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ - වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමත් රියදුරෙකු සිදුකළ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අනතුර සිදුකළ අදාළ බීමත් රියදුරා සහ ඔහු ගමන් ගත් මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.