ප්‍රචන්ඩත්වය සහ අන්තවාදය අවසන් කරන්නැයි පාප්වහන්සේ ඉරාකයේදී ඉල්ලයි

Saturday, 06 March 2021 - 8:06

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සිය ප්‍රථම ඉරාක සංචාරය සඳහා ඊයේ බැග්ඩෑඩ් නුවරට පැමිණි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රචන්ඩත්වය සහ අන්තවාදය දුරලන ලෙස විවෘත ඉල්ලීමක් කළා.

යුද්ධයෙන් පීඩාවට ලක්වූ ඉරාකයට පාප් වහන්සේ ඊයේ පැමිණියේ කිහිපවතාවක්ම එම සංචාරය කල් දැමීමෙන් අනතුරුවයි.

එමෙන්ම කොරෝනා වෛරස් ගෝලීය වසංගතය ආරම්භවීමෙන් පසු පාප් වහන්සේ යෙදෙන ප්‍රථම විදෙස් සංචාරයද මෙයයි.

ඉරාකයේ ක්‍ෂීණ වෙමින් පවතින ක්‍රිස්තියානි ප්‍රජාවට පූර්ණ අයිතිවාසිකම් සහිත පුරවැසියන් ලෙස නිදහස සහ වගකීම් හිමිවිය යුතු බවද පාප්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.

පාප්වහන්සේගේ සංචාරය නිමිත්තෙන් ඉරාක ආරක්ෂක හමුදාවල  සාමාජිකයන් දස දහසක් පමණ යොදවා ඇති බව සඳහන්.

එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් ඉරාකයේ මේ වනවිට ඇඳිරි නීතියද ක්‍රියාත්මකයි.

පාප්වහන්සේ ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවේ ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් හදිමි විසින්.

රතු පළස මතින් පිළිගැනුනු පාප්වහන්සේ දැකබලාගැනීමට ගුවන් තොටුපලේ සිට වීථි ඔස්සේ ජනතාව පෙළගැසී සිටි බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඉරාක ජනාධිපති බර්හාම් සලී විසින් පිලිගැනීමෙන් අනතුරුව පාප්වහන්සේ ප්‍රකාශ කළේ මානව ශිෂ්ඨාචාරයේ තොටිල්ල වූ ඉරාකයට පැමිණීම ගැන අතිශයින් සතුටට පත්වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories