රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්න නිවීමට ගුවන් හමුදා සහය (වීඩියෝ)

Saturday, 06 March 2021 - 11:05

%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
රාවණා ඇල්ල රක්ෂිතයේ හටගෙන ඇති ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිටිනවා.

ඊට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගින්න නිවීමට යොදවා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඇල්ල රොක් නැමති කඳු මුදුනේ ඊයේ හටගත් ගින්න අක්කර 50 කට වැඩි ප්‍රදේශයකට පැතිර තිබූ අතර, එමගින් සංවේදී පරිසර පද්ධතියට හානි සිදුව ඇති බව සඳහන්.

රාවණා ඇල්ල දිය ඇල්ලට නුදුරින් පිහිටි රාවණා ඇල්ල අභයභූමියට අයත් වන මෙම පරිසරයට ආවේනික සත්ව විශේෂ රැසක් සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

පොලීසිය, යුදහමුදාව, වනජීවී නිලධාරීන් සහ ආපදා කළමනාකරණ ඒකකය ගින්න නිවීම සඳහා එක්ව සිටිනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories