වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී හතරදෙනෙකු යටකර අයෙකුට මරු කැඳවූ, බීමත් රියදුරු අත්අඩංගුවට (වීඩියෝ)

Saturday, 06 March 2021 - 13:28

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB++%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96%2C+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් තුන්දෙනෙකුට බරපතල තුවාල සිදුකළ බීමත් රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඔහු සමඟ මෝටර් රථයේ ගමන් ගත් බීමතින් සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

බීමත්ව රිය  පැදවු 49 හැවිරිදි පුද්ගලයා වැල්ලවත්තේ ප්‍රසිද්ධ හෝටලයක කළමනාකරුවෙකු වන අතර, ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා නාරාහේන්පිට පදිංචි 48 හැවිරිදි අයෙක්.

කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිට ඔවුන් උදෑසන පිටව යන අවස්ථාවේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

සිද්ධියෙන් යතුරුපැදි දෙකක ගමන් කරමින් සිටි සිව් දෙනෙකු තුවාල ලැබූ අතර, එහිදී එක් යතුරුපැදියක ගමන් කළ සොහොයුරන් දෙදෙනෙකු ද ඊට අයත්.

ඔවුන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ වැඩිමහල් සොහොයුරා මියගොස් ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවකද සිටින බව සඳහන්. ඔවුන් සියලුදෙනාම වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ මගී බස් රථයක් අද උදෑසන ඇල්ල - හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූවන් බදුල්ල සහ දෙමෝදර රෝහල් වෙත ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.