නවසීලන්තයේ තවත් භූ කම්පනයක්

Saturday, 06 March 2021 - 15:41

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නවසීලන්ත මුහුදේ අද තවත් භූ කම්පනයක් වාර්තා වුණා.

එය රික්ටර් පරිමාණයේ 6 යි දශම 3 ක ප්‍රබලතාවකින් යුක්ත බවයි ඇමෙරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.

නවසීලන්ත වේලාවෙන් අද දහවල් 1.16 ට එම භූ කම්පනය සිදුව ඇත්තේ උතුරු දිවයිනේ ගිස්බෝන් නුවරට කිලෝමීටර් 181 ක් ඔබ්බෙන් මුහුදු පත්ලේ කිලෝමීටර් 9 ක් ගැඹුරෙන්.

කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් ජිවිත හෝ දේපල හානි වාර්තා වී නොමැති අතර සුනාමි අවදානමක් ද ප්‍රකාශයට පත් කර නැහැ.

පසුගිය දින කිහිපය තුළ නවසීලන්තයට ආසන්න පැසිෆික් මුහුදු කලාපයේ භූ කම්පන කිහිපයක්ම වාර්තා වූ අතර, පෙරේදා සිදුවූ එවැනි එක් භූ කම්පනයක් රික්ටර් පරිමාණයේ 8 යි දශම 1ක ප්‍රබලතාවකින් යුක්ත වූවක්.

එහිදී වෙරළාසන්න ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර ගැනීමට ද නවසීලන්ත බලධාරින් පියවර ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories