දලයිලාමාටත් කොරෝනා එන්නත

Saturday, 06 March 2021 - 15:56

%E0%B6%AF%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD
ටිබැටයේ ආධ්‍යාත්මික නායක දලයිලාමා තුමන්ට ද කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලබාදී තිබෙනවා.

දැනට ඉන්දියාවේ වෙසෙන දලයිලාමාතුමන්ට හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ධර්මසාලා හි කලාප රෝහලේදී අද උදෑසන කොරෝනා එන්නත ලබාදුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තමාට කොරෝනා එන්නත ලබාදීම සම්බන්ධයෙන් දලයිලාමාතුමා ඉන්දීය රජයට තුති පිදූ අතර, කොරෝනා එන්නත් ලබා ගන්නා ලෙස ජනතාව වෙතින් විවෘත ඉල්ලීමක් කළා.

මේ අතර, ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව නැවතත් ඉහළ යමින් පවතින අතර අද උදෑසනින් අවසන් වූ පැය 24 තුල නව ආසාදිතයන් 18,327ක් වාර්තා වුණා.

18,000 ඉක්මවූ දෛනික කොරෝනා ආසාදිතයන් ඉන්දියාවෙන් මෙලෙස වාර්තා වී ඇත්තේ දින 36 කට පසුවයි.

ඊයේ සිදුවූ කොරෝනා මරණ 108ක් සමගින් ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද එක්ලක්ෂ 57,656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.