මියන්මාරය, ඉන්දියාවට පලා ආ පොලිස් නිලධාරීන් ඉල්ලයි

Sunday, 07 March 2021 - 8:33

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F+%E0%B6%86+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මිලිටරි ජුන්ටාවේ අණ පිලිපැදීම ප්‍රතික්ෂේප කරමින් මියන්මාර පොලිස් නිලධාරීන් රැසක් දේශසීමාව හරහා ඉන්දියාවට පලාවිත් ඇති බව වාර්තා වනවා.

ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද එලෙස පැමිණ ඇති අතර, පලා ආ මියන්මාර පොලිස් භටයන් නැවත භාරදෙන ලෙස එරට බලධාරීන් ඉන්දියාවෙන් ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්.

පසුගිය පෙබරවාරි 1 වනදා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව පෙරළා දමා බලය පැහැරගත් මියන්මාර හමුදාව, හමුදා නායකත්වය සිවිල් වැසියන් දැඩි ලෙස මර්දනය කිරීම ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට ලක්වූවක්.

මේ වනවිට මියන්මාර ආරක්ෂක අංශවල වෙඩි පහරින් සිවිල් වැසියන් 55 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, 1700ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories