තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර (ඡායාරුප)

Monday, 08 March 2021 - 9:56

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%29
බුත්තල, පැල්වත්ත සිනී සමාගම අසල මාර්ගයක ඊයේ (07) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු සිට ඇති අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත් කර තිබෙනවා.

ඔවුන් අවුරුදු 18ක පාසල් සිසුවෙක් සහ 23 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.

අනතුරින් තුවාල ලැබූ දහඅට හැවිරිදි පාසල් සිසුවා මියගිය තරුණයාගේ බාල සහෝදරයා බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.



ඡායාරූප - වැල්ලවාය - ජයන්ත වීරසේකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories