බස්නාහිර පාසල් තවදුරටත් වැසේ (වීඩියෝ)

Monday, 08 March 2021 - 11:42

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.

අද (08) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිර්දේශ ඉල්ලා ඇති බවයි.

එම නිර්දේශ ලද වහාම බස්නාහිර පළාතේ පාසල් නැවත ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත්කරන බව ඔහු වැඩිදුරත් පවසා සිටියා.