මියන්මාරයේ විශාලම නගරය වන යැන්ගුන් හි වෙළඳසැල්, කර්මාන්තශාලා, බැංකු සහ මූල්‍ය ආයතන අද වසා දමා තිබෙනවා.
ඒ, එරට මිලිටරි පාලනයට එරෙහිව නැගී සිටීමේ කොටසක් ලෙස ආර්ථීකය වසා දැමීමට මියන්මාරයේ ප්‍රධාන වෘත්තිය සමිති ඉල්ලා සිටීමත් සමගයි.
මධ්‍යම යැන්ගුන් හි විරෝධතා සහ එක්රැස්වීම් වැළැක්වීමට ස්ථාන කිහිපයක හමුදා භට පිරිස් අහසට වෙඩි තැබීම් සහ මෝටර් රථ පරීක්ෂා කිරීම් සිදුකර තිබෙනවා.
මිලිටරි ජුන්ටාව හෙළා දැකීම සඳහා අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇතැම් ස්ථානවල කාන්තා ලුංගිවලින් සැකසූ ධජ එසවීමටද විරෝධතාකරුවන් පියවර ගෙන තිබෙනවා.
කාන්තා ලුංගි යටින් ඇවිදීම පිරිමින්ට අවාසනාව ගෙන දෙන්නක් ලෙසයි මියන්මාර වාසීන් සළකනු ලබන්නේ.