හැරී කුමරු සහ මේගන් මාකල් බ්‍රිතාන්‍ය රජ පවුලේ සැලකුම් හෙළි කරයි

Monday, 08 March 2021 - 17:46

%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%9A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA++%E0%B6%BB%E0%B6%A2+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රාජකීය වගකීම්වලින් ඉවත් වී සිය ඇමරිකානු බිරිඳ සමඟ අමරිකා එක්සත් ජනපදයට ගිය බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් සහභාගි වූ රූපවාහිනී සංවාදයක් ඉමහත් ආන්දෝලනයට ලක්වී තිබෙනවා.

සුප්‍රකට ඔප්රා වින්ෆ්‍රි සමඟ එම සාකච්ඡාවට එක්වෙමින් සසෙක්ස් හි ආදිපාදවරිය හෙවත් මේගන් කියා සිටියේ තමා බ්‍රිතාන්‍ය රජ පවුලේ නොසැලකිලිකම්වලට මෙන්ම වර්ණභේදවාදයට මුහුණ දුන් බවයි.

සිය පුතු ආචිගේ වර්ණය ඔහු ඉපදීමට පෙරම විමසීමට රජ පවුලේ ඇතැමුන් උත්සුක වූ බවත්, කේට් ආර්යාව තමාගේ විවාහයට පෙර දිනයේදී ද සිත් රිදවූ බවත්, ඇය මෙම රූපවාහිනී සංවාදයේදී අනාවරණ කළා.

එමෙන්ම, වරෙක තමාට දිවි හානි කර ගැනීමේ අදහසක් ඇති වූ බවයි මේගන් මාකල් සඳහන් කළේ.

හැරී කුමරු ද සිය පියා වන චාල්ස් සමඟ පවතින විරසකය පිළිබදව මෙහිදී අනාවරණ කළ අතර, තමා රාජකීය වගකීම්වලින් ඉවත්වීමට තීරණය කිරීමත් සමඟ ඔහු තමාගේ දුරකථන ඇමතුම්වලට පවා පිළිතුරු නොදුන් බව කියා සිටියා.

සිය මව වන ඩයනා කුමරියට සිදුවූ ඉරණම සිහිපත් කරමින් හැරී කුමරු වැඩිදුරටත් කියා සිටියේ ඉතිහාසය වඩාත් දරුණු අන්දමින් පුනරාවර්ථනය වන බවයි.